බයිඩ්න්, ඇමෙරිකාවේ නව ජනපතිවරයා ලෙස ජනවාරි 20දා දිවුරුම් දීමට නියමිතය.
මෙය අසාමාන්‍ය වුවත්, පෙර සිදුනොවූ දෙයක් ද නොවේ. සිය අනුප්‍රාප්තිකයාගේ දිවුරුම්දීමේ උත්සවය මඟ හැරි අවසන් ඇමෙරිකානු ජනාධිපතිවරයා වූයේ ඇන්ඩෲ ජොන්සන් ය. ඒ, 1869 දීය.
පසුගියදා ඇමෙරිකානු කොංග්රස් මණ්ඩල ගොඩනැගිල්ල තුළට ට්‍රම්ප් ට සහය දනවන පිරිසක් විසින් කලහකාරී ලෙස කඩාවැදීමත් සමග ඇතිවූ ගැටුම් වලින් මේ වන විට පස්දෙනෙකු මියගොස් ඇත.
කොංග්රස් මණ්ඩල ගොඩනැගිල්ලට කඩා වැදුනු විරෝධතාකරුවන්ට මුලින් ට්‍රම්ප් අනුබල ලබාදී තිබුණද ඔහු පසුව ඉල්ලා තිබුණේ සිය නිවෙස් වලට යන ලෙසයි. කෙසේවෙතත්, පැය තුනක කාලයක් පුරාවට ඔවුන් කොංග්රස් මණ්ඩල ගොඩනැගිල්ලේ කලහකාරී ලෙස හැසිරුනු අතර, ප්‍රදේශයේ ආරක්ෂක බල ඇණිවලට සහය දීම පිණිස අතිරේක හමුදා එවන මෙන් වොෂිංටන් අගනුවර නගරාධිපතිනි මියුරියල් බව්සර් අසල්වැසි වර්ජීනියා සහ මේරිලන්ඩ් ප්‍රාන්තවලින් ඉල්ලීමක් කර තිබුණි.