Jan 11, 2021

කඩා වැටුණු ඉන්දුනීසියානු යානයේ කළු පෙට්ටි හමුවෙයි

සෙනසුරාදා දින කඩාවැටී තිබූ ශ්‍රීවිජය එයාර් බෝයිං 737 ගුවන් යානයේ කළු පෙට්ටි ඇති ස්ථානය සොයෙගත් බව එරට බලධාරීහු පවසති.

සඳුදා දිනයේදී සෝදිසි මෙහෙයුම් යළි ආරම්භ කිරීමත් සමග මෙම කළු පෙට්ටි සොයාගැනීමට හැකිවනු ඇති බව නාවික හමුදා කිමිදුම්කරුවන් විශ්වාසය පළකර ඇත.

මේ දක්වා ගුවන් යානා කොටස් සහ මිනිස් අවයව සොයාගෙන ඇත.

මෙම ගුවන්යානය සෙනසුරාදා දිනයේදී ජකර්තා ගුවන් තොටුපලේ සිට එරට වේලාවෙන් 14:36 ට පිටත් වූ අතර, ගුවන්ගත වී මිනිත්තු 04 කට පසුව අතුරුදහන් විය.

බෝර්නියෝ දූපත් කරා ගමන් කළ මෙම යානය අතුරුදහන් වන විට එහි පුද්ගලයන් 62දෙනෙකු සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

flightradar24.com වෙබ් අඩවියට අනුව මෙම යානය විනාඩියකට අඩු කාලයක් තුළදී මීටර් 3,000කට වැඩි දුරක් කඩාවැටී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top