Jan 22, 2021

ඩ්‍රැගන් ෆෘට් නම වෙනස් කරයි! Featured

ලොව ජනප්‍රිය පලතුරක් වන ඩ්‍රැගන් ෆෘට් නාමයට, චීනය හා පවතින සබඳතාවය හේතුවෙන් එහි නම වෙනස් කිරීමට ඉන්දියාවේ ප්‍රාන්තයක් තීන්දු කර ඇත.

ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තය විසින් ගෙන ඇති මෙම තීන්දුව, අන්තර්ජාලය ඔස්සේ විවිධ උසුළු විසුළු වලට ලක්ව තිබේ.

හිමාල දේශසීමාව සම්බන්ධයෙන් චීනය හා ඉන්දියාව අතර පවතින වරසකය පසුගිය කාලය පුරාවටම උග්‍ර වී ඇති අතර, ඩ්‍රැගන් හෙවත් මකරා යන්නට චීනය හා පවතින සම්බන්ධතාවය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, මෙම පලතුරු ඉදිරියේදී 'කමලම්' ලෙස හැඳින්වීමට නියමිත බව ගුජරාටි ප්‍රධාන අමාත්‍ය විජේ රූපනී පවසා ඇත.

'කමලම්' යනු සංස්කෘත භාෂාවෙන් නෙළුම යන්නයි. නෙළුම් මල් යනු ඉන්දියාවේ ජාතික පුෂ්පය වන අතර, එය හින්දු භක්තිකයන් විසින් පූජනීයත්වයෙන් සලකනු ලබයි.

මධ්‍යම ඇමෙරිකාවට ආවේනික ඩ්‍රැගන් ෆෘට් වඩාත්ම අපනයනය කරනු ලබන්නේ දකුණු ඇමෙරිකාව විසින් වුවද, බොහෝ දෙනා මෙම පලතුර චීනයට සම්බන්ධ කරන්නේ එහි නම හේතුවෙනි.

කැකට්ස් පවුලේ සාමාජිකයෙකු වන මෙම පලතුර, මේ වන විට ගුජරාටි ප්‍රාන්තයේ ප්‍රදේශ වලට වගාකිරීම අරඹා ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top