Feb 20, 2021

මියන්මාර පොලිසියෙන් විරෝධතාකරුවන්ට ජීව උණ්ඩ Featured

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව අද (20) දිනයේ පැවති උද්ඝෝෂණයකදී එරට පොලිසිය විසින් ජීව උණ්ඩ එල්ල කිරීමෙන් අනතුරුව අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් විසිදෙනෙකු තුවාල ලබා ඇති බව බීබීසී ලෝක සේවය වාර්තා කරයි.

මෙම උද්ඝෝෂණය පැවැත්වුනේ එරට දෙවැනි විශාලතම නගරය වන මැන්ඩලේ හි දීය.

මෙහි ඡායාරූප එක්කරමින් සමාජ ජාලා වල පළ වී ඇති ඇතැම් පෝස්ටු වල සඳහන් කර තිබුණේ පොලිසිය විසින් උද්ඝෝෂකයන් දෙසට පමණක් නොව, තුවාලකරුවන් හට උපකාර කරන ස්වේච්ඡා සේවකයන් හා ගිලන්රථ වලට පවා මෙම වෙඩිප්‍රහාර එල්ල වී තිබුණු බවයි.

මීට අමතරව, උද්ඝෝෂකයන් දෙසට යකඩ උල් කටු හා ගල්මුල් ප්‍රහාරද එල්ල වූ බව එහි දැක්වේ.

මේ වන විට බලය අත්පත් කරගෙන සිටින හමුදා ආණ්ඩුව විසින් රඳවාගෙන සිටින අවුන් සාන් සූ චී හා ඇයගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ (NLD) පක්ෂයේ අනෙකුත් සාමාජිකයන් නිදහස් කරන මෙන් උද්ඝෝෂකයන් ඉල්ලා සිටියි.

Screenshot 2021 02 20 at 23.25.23

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top