බෲම්ෆීල්ඩ් නම් මෙම ප්රදේශයේ පොලිසිය විසින් ප්රදේශවාසීන් හට අවවාද කර ඇත්තේ මෙම කොටස් ඇල්ලීමට හෝ ඉවත්කිරීමට කටයුතු නොකරන ලෙසයි.
මගීන් 231 ක් සහ කාර්ය මණ්ඩල සමාජිකයන් දසදෙනෙකු සමග හොනාලුලු කරා ගුවන්ගත වූ යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගමට අයත් මෙම බෝයිං 777 යානය ආරක්ෂිතව යළිත් ඩෙන්වර් ගුවන් තොටුපළට ගොඩබැස්වීමට කටයුතු කර තිබුණු අතර, කිසිඳු පුද්ගලයෙකුට තුවාල සිදුවී නැත.
ඩෙන්වර් ගුවන්තොටුපලෙන් ගුවන්ගත වීමත් සමග විශාල පිපිරුම් ශබ්දයක් ඇසී ඇති අතර, එහි දකුණු එංජිම ක්රියාත්මක වී නැති බවට ගුවන්සේවා බලධාරීන් පවසා තිබේ.
යානය තුළ සිට ගත් වීඩියෝවක දසුන් වල දිස්වන්නේ මෙම එංජිමේ පිටත කොටස් ගැලවී ගොස් එය ගිනිගෙන ඇති ආකාරයයි.
මෙම ගින්න ඇතිවීමට හේතුව තවමත් අනාවරණය වී නැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ජාතික ප්රවාහන ආරක්ෂණ මණ්ඩලය විසින් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.
(වීඩියෝ / ඡායා : බීබීසී ලෝක සේවය)