බ්‍රසීලයේ රෝහල් වල කොවිඩ් රෝගීන් පිරී ඉතිරී ගොස් ඇතිඅතර, එරට බොහෝ ප්‍රදේශ වල සෞඛ්‍ය සේවා බිඳවැටීමක් අභියස පවතියි.
මේ වන විට බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 337,000 ක් පමණ වන අතර, එය මරණ ගණන දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.
කෙසේවෙතත්, මෙම වසංගතය මැඩපැවැත්වීමට ලොක්ඩවුන් කිරීමක් සිදුකිරීමට එරට ජනපතිවරයා තවදුරටත් විරෝධය පළකරමින් සිටියි.
ඔහු පවසන්නේ එවැනි පියවරක් මගින් ආර්ථිකයට සිදුවන හානිය වෛරසයේ බලපෑමට වඩා දරුණු වනු ඇති බවයි.