Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Mar 07, 2017

අංශබාගෙ හොඳ කරන්න 10 හැවිරිදි දැරියක් බිල්ලට අරං!

මිනිස් බිල්ලක් ලෙස දස හැවිරිදි දැරියක් මරාදැමූ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තය කැළඹී ඇතැයි වාර්තා වේ.

මරාදැමූ දැරියගේ සිරුර මල්ලක තිබියදී ප්‍රදේශවාසීන් සොයාගෙන තිබෙන අතර, ඊට අමතරව බිලිපූජාවක් සඳහා යොදාගන්නා උපකරණද පොලිසියට හමුවී ඇත.

දැරිය පැහැරගැනීම සහ ඝාතනය කිරීම යන චෝදනා මත අදාළ රෝගියාගේ සහෝදරයා සහ සහෝදරිය ද අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සිද්ධියෙන් කුපිත වූ පිරිස් විසින් සැකකරුවන්ගේ නිවසට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල කර ඇත.

මීට අමතරව, මෙම දැරිය පැහැරගැනීමට සහය වී ඇති 17 හැවිරිදි තරුණයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.

අංශභාගයෙන් පෙළෙන රෝගියෙකු "සුවපත් කිරීම" සඳහා පූජාවක් මෙහෙයවූ "ඇදුරාගේ" නියමය මත මෙම දැරිය මරාදමා තිබේ. රෝගියාට සිදුකර ඇති හූනියමක් ඉවත්කිරීම සඳහා පවතින එකම මාර්ගය බිලි පූජාව බව ඔහු මෙම සැකකරුවන්ට පවසා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top