Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Mar 10, 2017

කොරියානු ජනපති ධූරයෙන් පහකරයි

දූෂණ චෝදනා හේතුවෙන් දෝෂාභියෝගයක් මගින් දකුණු කොරියාවේ ජනපතිවරිය වන Park Geun-hye නිලයෙන් පහ කිරීමට එරට පාර්ලිමේන්තුව ගත් තීරණයට සාධාරණ හේතු ඇති බව එරට අධිකරණයක් විසින් තීරණය කර තිබේ.

අට-පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සිය තීන්දුව ප්‍රකාශ කර තිබුණේ මේ සම්බන්ධව කරුණු විමසීමෙන් අනතුරුවයි.

මේ අනුව, Park Geun-hye දකුණු කොරියාවේ ජනපති ධූරයට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්ව බලයෙන් පහකෙරුණු පළමු නායකයා බවට පත්වේ.

මේ අනුව, ජනාධිපතිනිය ලෙස ලබන මුක්තිය ඇයට තවදුරටත් නොලැබෙන අතර, ඇයට එරෙහිව ඉදිරියේදී නඩුපැවරීමට හැකියාවක් ලැබේ.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට Park Geun-hye ගේ සේවය අත්හිටුවා තිබුණු අතර, මැයි මාසයේ මුල වන විට නව ජනාධිපතිවරයෙකු පත්කරගැනීමට දකුණු කොරියාවට සිදුවන බව විදෙස් වාර්තා වල දැක්වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top