Jun 09, 2021

ජීවත්වෙන්න සුදුසුම නගරය, ඕක්ලන්ඩ්

ලොව ජීවත්වීමට වඩාත් සුදුසුම නගරය ලෙස නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය පත්වී තිබේ.

ඒ, ඉකොනොමිස්ට් සගරාව නිකුත් කල නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි.

මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමි වන්නේ ජපානයේ ඕසකා නගරයටයි.

කොවිඩ් පාලනය / ජනතාවට ලැබෙන පහසුකම් වැනි අංශ සළකා මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකර තිබෙන අතර, මෙවර ශ්‍රේණිගතකිරීම් වලදී යුරෝපා නගර රැසක් ලැයිස්තුවේ පහතට ඇද වැටී ජපානය, නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව ඉහළට පැමිණ තිබේ. 

මෙවර ලැයිස්තුවට ඇතුළත් මුල් නගර 10න් 06 ක්ම හිමිවන්නේ  ඕස්ට්‍රේලියාවටයි. වසර ගණනාවක් පුරාවට ලැයිස්තුවේ මුල්තැනට පැමිණි ඕස්ට්‍රියාවේ වියානා නගරයට මෙවර හිමිවී ඇත්තේ 12 වැනි ස්ථානයයි. 

එහෙත් ලැයිස්තුවේ විශාල වශයෙන්ම කඩාවැටී තිබුණේ ජර්මනියේ හැම්බර්ග් නගරයයි. ස්ථාන 34ක් පහතට වැටෙමින් හැම්බර්ග් නුවර මෙවර සිටින්නේ 47වැනි ස්ථානයේය.

මේ අතර, ලොව ජීවත්වීමට වඩාත් නුසුදුසුම නගරය ලෙස සිරියාවේ ඩැමැස්කස් නගරය නම්වී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top