Jul 18, 2021

ඔලිම්පික් ගම්මානයෙන් කොවිඩ්-19 ආසාදිත ක්‍රීඩකයන් හමුවේ

තෝකියෝවේ පිහිටි ඔලිම්පික් ගම්මානයේ සිටි දකුණු අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙකු හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව වාර්තා වේ.
 
Thabiso Monyane හා Kamohelo Mahlatsi හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව දකුණු අප්‍රිකානු පාපන්දු සංගමය සනාථ කර ඇත.
 
මේ අතර,  වීඩියෝ විශ්ලේෂක - මාරියෝ මාෂා ට ද කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ඊයේ හෙළිදරව් විය.
 
තවද, ඔලිම්පික් ගම්මානයේ පිට සිටි ක්‍රීඩකයෙකු හටද කොවිඩ්-19 ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
 
සමස්තයක් වශයෙන් සංවිධායකයින්, මාධ්‍ය, කොන්ත්‍රාත්කරුවන් සහ අනෙකුත් පුද්ගලයින් ඇතුළු ඔලිම්පික් උළෙලට සම්බන්ධ පුද්ගලයන් දසදෙනෙකුට කොවිඩ්-19 වැළඳී ඇති බවට අද වාර්තා වූ අතර, ඊයේ දිනයේදී මෙම සංඛ්‍යාව 15ක් විය.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top