Jul 21, 2021

මධ්‍යම චීනයේ ගංවතුර හමුවේ දහස්ගණනක් ආරක්ෂිත ස්ථාන වලට

මධ්‍යම චීනයේ ඇති වූ දැඩි වර්ෂාපතනය හේතුවෙන් හනාන් පළාතේ පුද්ගලයන් දසදහසකට වැඩි ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මිලියන 94ක ජනගහනයක් සහිත හනාන් පළාතට මේ වසරේ වැසි කාලය ඉතා දරුණුවට බලපා තිබෙන අතර, ප්‍රදේශ රැසකින්ම ජලගැලීම් වාර්තා වේ.

අයහපත් කාලගුණය හේතුවෙන් ජන්ජෝ නගරයේ පුද්ගලයන් 12කට වැඩි ප්‍රමාණයක් මියගොස් ඇති බව බලධාරීන් පවසයි.

වර්ෂාපතය හේතුවෙන් මෙම පළාතේ නගර රැසක ප්‍රධාන මාර්ග වසාදමා ගුවන්ගමන් අත්හිටුවීමට සිදුවී ඇතැයි ද පැවසේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top