Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Mar 17, 2017

ඊජිප්තු පිළිමය, රැම්සීස් ගෙ නෙමෙයි

පසුගියදා කයිරෝ අගනුවර මඩවගුරකින් සොයාගත් පුරාණ ඊජිප්තු පිළිමය, දෙවැනි රැම්සීස් පාරාවෝ ගේ නොවන බව  එරට බලධාරීන් පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් පුරාවස්තු පිළිබඳ අමාත්‍ය - ඛලෙඩ් එල්-අනානි පවසා ඇත්තේ මෙම පිළිමය බොහෝදුරට ක්‍රි.පූ. 664 - 610 කාලය අතර ඊජිප්තුව පාලනය කළ Psamtek I ගේ පිළිමයක් බවයි.

කෙසේ වෙතත්, මෙම පිළිමය ගොඩගත් මුල්දින වල විශේෂඥයන් මත පළ කර තිබුණේ මෙය දෙවැනි රැම්සීස් ගේ පිළිරුවක් බවයි.

එහෙත් පසුව එම පිළිරුවේ Psamtek I ගේ නම් පහකින් එකක් කොටා ඇති බවට සොයාගෙන තිබුණි.

එසේ වුවද මෙම සොයාගැනීමේ වටිනාකම බාල නොවන බවද එල්-අනානි මහතා වැඩිදුරටත් පවසා තිබේ.

කැබලි කිහිපයක් ලෙස හමුවූ මෙම පිළිරුව අඩි 29ක් උස වන අතර, එහි කඳ කොටසේ බර පමණක් ටොන් 3ක් විය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top