Sep 10, 2021

සත් මසකට පසුව බයිඩ්න් - ෂී අතර කතාබහක්

සත් මසක කාලයකට පසුව චීන ජනාධිපති ෂී ජින්පිං හා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අතර කතාබහක් ඇතිවී තිබේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ධවල මන්දිර නිවේදනයක දැක්වෙන්නේ "තරඟය, ගැටුමක් කරා නොයාමට වග බලා ගැනීම සඳහා දෙරටේම වගකීම" සම්බන්ධයෙන් දෙරට නායකයන් සාකච්ඡා කර ඇති බවයි.

බයිඩ්න් ඇමෙරිකානු ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර පැවැති දෙවැනි දුරකතන ඇමතුම මෙයයි.

වෙළඳාම, ඔත්තු බැලීම සහ වසංගතය වැනි කරුණු හේතුවෙන් දෙරට අතර සබඳතා නොසන්සුන් ව පවතියි.

මේ අතර, චීනයේ රාජ්‍ය රූපවාහිනි සේවය වන CCTV පවසා තිබුණේ මෙම දුරකතන ඇමතුම සුහදශීලි හා ගැඹුරු වූ බවයි. "පුළුල් උපායමාර්ගික සන්නිවේදනය සහ දෙරට විසින්ම සැලකිලිමත් වන කරුණු" පිළිබඳවද සාකච්ඡා කෙරුණු බව එහි වැඩිදුරටත් දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top