Sep 12, 2021

9/11 ප්‍රහාරයේ විසි වස් සැමරුමට ඇමෙරිකානු නායකයන් එක්වෙයි (වීඩියෝ)

ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුක්ත වූ අල් ඛයීඩා සංවිධානය විසින් සිදුකරන ලද 9/11 සිදුවී විසි වසරක ගත වීමේ සැමරුම් ඇමෙරිකාවේ පවත්වා තිබේ.

නිව්යෝක් හි පැවති සැමරුම් අවස්ථාවට ඇමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් මෙන්ම් හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා හා බිල් ක්ලින්ටන් ද එක්විය.

පළමු යානය නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳපොල, ද්විත්ව ගොඩනැගිල්ල හා ගැටීම සනිටුවහන් කරමින් නිව් යෝක් වේලාවෙන් පෙ.ව. 08.45ට සීනුවක් නාද කෙරුණු අතර, විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණි.

පෙන්ටගනයේ මෙන්ම පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ෂැන්ක්ස්විල් හිදී ද සීනු නාද කෙරුණි.

ප්‍රහාරය

ඇමෙරිකාවේ නැගෙනහිර අහසේ පියාසර කෙරෙමින් තිබූ ගුවන් යානා හතරක් එකවර පැහැරගැනීමට ලක්විය. ඒ සඳහා ක්‍රියාත්මක වූයේ කුඩා කණ්ඩායමකි.

නිව්යෝර්ක් සහ වොෂින්ටන් නුවර පිහිටි සුප්‍රසිද්ධ ගොඩනැගිලිවලට පහර දීම සඳහා මෙම යානා දැවැන්ත මිසයිලයන් ලෙස යොදා ගන්නා ලදී.

නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳපොල, ද්විත්ව ගොඩනැගිල්ලට ගුවන් යානා දෙකක් ගැටීමට සැලැස්වුණි.

පළමු යානය ගැටුණේ උතුරුදිග කුළුණට ය. ඒ උදෑසන 08.46ට ය. (ග්‍රිනිච් වේලාවෙන් 13:46)

දෙවන යානය දකුණුදිග කුළුණෙහි ගැටුණේ උදෑසන 09:03ට ය.

ගොඩනැගිල්ලට ගිනි ඇවිලිණි. ඉහළ මහල් තුළ සිටි මිනිසුන් කොටු විය. නගරය දුමෙන් වැසුණි. දෙපැයක් ගතවන්නට පෙර මහල් 110කින් සමන්විත ද්විත්ව ගොඩනැගිල්ල බිමට සමතලා වූයේ දැවැන්ත දූලි වලා ඇතිකරමිනි.

උදෑසන 09:37ට තවත් ගුවන් යානයකින් පෙන්ටගනයේ බටහිර මුහුණත විනාශ කෙරුණි. එක්සත් ජනපදයේ හමුදා මුලස්ථානය වූ මෙම දැවැන්ත ගොඩනැගිල්ල පිහිටියේ වොෂින්ටන් අගනුවරට නුදුරිනි.

පැහැර ගැනීමට ලක්වූ හතරවැනි යානයේ සිටි මගීන් පැහැර ගත්තවුන්ට එරෙහිව යානය තුළදී ම සටන් වැදුනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම යානය පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිට්ටනියකට කඩා වැටුණි. එම යානය වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලේ ගැටීමට සැලැස්වීම පැහැරගත්තවුන් ගේ අරමුණ වී තිබුණු බවට විශ්වාස කෙරේ.

පුද්ගලයින් 2,977 දෙනෙකු (ප්‍රහාරකයන් 19 දෙනා හැර) ජීවිතක්ෂයට පත් විය. ඉන් වැඩි පිරිස මරණයට පත්වී තිබුණේ නිව්යෝර්ක් නුවර දී ය.

(වීඩියෝ : BBC)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top