Oct 10, 2021

චීනයේ පීඩනයට නැමෙන්නෙ නෑ - තායිවානය

චීනයෙන් එල්ල වන පීඩනයට නොනැමී තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාව රකින බව තායිවාන් ජනාධිපතිනිය වන Tsai Ing-wen පවසයි.

තායිවානයේ ජාතික දිනය වෙනුවෙන් ජාතිය අමතමින් ඇය මෙසේ පවසා තිබේ.

"අපි වැඩියෙන් දේවල් සාක්ෂාත් කර ගන්නා තරමට චීනයෙන් අපට මුහුණ දීමට සිදුවන පීඩනය වැඩි වනු ඇත," යැයි  ඇය පවසා ඇත.

තමන් ස්වෛරී රාජ්‍යයක් බව තායිවානය විසින් සලකන නමුත්, චීනය දකින්නේ එය කැඩීගිය පළාතක් ලෙසයි.

පසුගිය දිනවල තායිවාන ගුවන් තලයේ චීන ගුවන් හමුදා ජෙට් යානා වාර්තාගත ප්‍රමාණයක් දක්නට ලැබුනු බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top