සිය බිරිඳ ට පාර්ලිමේන්තුවේ නොමැති රැකියාවක් ව්‍යාජ ලෙස ලබාදී යූරෝ සියදහස් ගණනක් පඩි ගෙවූ බවට ෆිලොන් හට පසුගිය සති කිහිපයේදී චෝදනා එල්ල වී තිබේ.
ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු ද වන ෆිලොන් මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ නැගෙනහිර ප්‍රංශයේ ස්ට්රාස්බර්ග් නුවරදීය.
තරුණයෙකු විසින් මෙම පිටි ප්‍රහාරය එල්ල කර ඇති අතර, ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුව වහාම මර්ධනය කර තිබේ.
ප්‍රංශයේ වත්මන් ජනපතිවරයා වන ෆ්රොන්සුවා හොලාන්ඩ් ද 2012 දී පිටි ප්‍රහාරයකට ලක්විය.