ශර්බාට් ගුලා නම් ඇයව පසුගියදා පකිස්තානයේදී අත්අඩංගුවට ගෙන තිබුනේ ව්‍යාජ හැඳුනුම්පත් ලියවිලි තබාගැනීමේ චෝදනා යටතේය.
විදෙස් වාර්තා වලට අනුව ඇය, ශර්බාට් බීබී නමින් 014 අප්‍රේල් මාසයේදී මෙම හැඳුනුම්පත අයැදුම් කර තිබේ.
මෙම චෝදනා ඔප්පු වුවහොත් ඇයට වසර 14ක සිරදඬුවමක් ලැබිය හැකි බව විදෙස් වාර්තා වල දැක්වේ.
ව්‍යාජ හැඳුනුම්පත් වලට එරෙහිව පකිස්තානය විසින් මේ වන විට දැඩි පියවර ගනිමින් සිටියි.
ශර්බාට් ගුලා වසර 1985 දී නැෂනල් ජියෝග්රැෆික් සඟරාවේ ‘ද ඇෆ්ගන් ගර්ල්’ යන ඡායාරූපය හේතුවෙන් ප්‍රසිද්ධ වූ අතර, එය නැෂනල් ජියෝග්රැෆික් සඟරා ඉතිහාසයේ පළවූ ජනප්‍රියතම සඟරා මුල්පිටුවක් බවට පත්විය.
-ශානි-
නැෂනල් ජියෝග්රැෆික් සඟරාවේ ‘ඇෆ්ගන් ගර්ල්’ අත්අඩංගුවට