May 14, 2022

නවසීලන්ත අගමැතිනියට කොවිඩ්

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් හට කොරෝනා ආසාධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉදිරි සතියක කාලය තුළ ඇය හුදකලාව සිටිනු ඇති බවද ඇයගේ තත්වය බරපතල නොමැති බවද වාර්තා වේ.

එරට කොවිඩ් රෙගුලාසි ලිහිල් කර දින කිහිපයක් ගතවීමෙන් අනතුරුව නවසීලන්ත අගමැතිනියට කොවිඩ් ආසාධනය වී ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගියදා එරට දේශසීමා වසා දමා වසර 2කට අධික කාලයකට පසු රට විදේශිකයින් වෙත විවෘත කෙරිණි.

ජසින්ඩා ආර්ඩන්ගේ සහකරුටද පසුගිය සතියේදී කොවිඩ් වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

සබැඳි පුවත්

වසර 2කට පසු නවසීලන්තය විවෘත වෙයි
https://www.sinhala.srilankamirror.com/news/34708-new-zealand-reopens-to-tourists-after-two-year-pandemic-lockout

Covid-19 නිසා නවසීලන්ත ඡන්දය කල්දමයි
https://www.sinhala.srilankamirror.com/world/25061-new-zealand-delays-election-over-covid-19-fears

කොරෝනා නීති නිසා නවසීලන්ත අගමැතිනියටත් හැරිලා යන්න වෙයි
sinhala.srilankamirror.com/world/23952-pm-jacinda-ardern-turned-away-from-wellington-cafe

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top