May 14, 2022

වසර 18කට පසු UAE පාලකයා වෙනස් වෙයි

මොහොමඩ් බින් සයීඩ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස එරට රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති බව විටදස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඊයේ (13) දිනයේ දී ඩුබායි රාජ්‍යයෙහි ජනාධිපති ලෙස කටයුතු කළ ෂෙයික් කලීෆා බින් සයෙඩ් අල් නයාන් අභාවප්‍රාප්ත වීමත් සමගිනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති සහ අබුඩාබියේ පාලකයා ලෙස 2004 නොවැම්බර් 03 වැනිදා සිට සිය ධුරයේ ක්‍රියා කළේය.

නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමග ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තුන්වැනි ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වෙයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top