Jun 23, 2022

භූකම්පන විනාශය හමුවේ තලෙයිබායනය ආධාර ඉල්ලයි (Update)

ඊයේ සිදුවූ දැවැන්ත භූකම්පනය හේතුවෙන් ඇතිවූ ව්‍යසන තත්ත්වය හමුවේ ඇෆ්ගනිස්තානය පාලනය කරන තලෙයිබාන් සංවිධානය විසින් ජාත්‍යන්තර ආධාර ඉල්ලා තිබේ.

රිච්ටර් මාපක 6.1ක අගයක් ගත් මෙම භූකම්පනය හේතුවෙන් වැඩිම බලපෑමට ලක්වූයේ ගිනිකොණ දිග ඇෆ්ගනිස්තානයේ පක්ටිකා පළාතයි. මේ වන විට භූකම්පනය හේතුවෙන් පුද්ගලයන් 1,000ක් පමණ මියගොස් 1,500ක් පමණ තුවාල ලබා තිබේ.

හදිසි නවාතැන් සහ ආහාර ආධාර සැපයීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලහිලහියේ කටයුතු කරමින් සිටින නමුත්, අධික වර්ෂා සහ සම්පත් හිඟකම යන කරුණු මුදවාගැනීමේ මෙහෙයුම් වලට බලපා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

.........................මුල් පුවත - 2022- ජුනි මස -22 -  පස්වරු : 12:11 ......................

ඇෆ්ගනිස්ථානයේ භූකම්පනයකින් 250ක් මරුට
 
ඇෆ්ගනිස්ථානයේ ඇතිවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 250කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.
 
පක්ටිකා පළාතේ සිදුවූ මෙම භූකම්පනය හේතුවෙන් පුද්ගලයන් 150ක් පමණ තුවාල ලබා ඇති බවද පැවසේ.
 
මෙහි කම්පන ඇෆ්ගනිස්ථානය, පකිස්තානය හා ඉන්දියාව ඔස්සේ කි.මී. 500ක දුරක් පුරාවට දැනී ඇතැයිද විදෙස් වාර්තා සඳහන් කරයි. මෙහි කම්පන ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට මෙන්ම පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරටද දැනී තිබේ.
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top