Aug 01, 2022

නවසීලන්ත දේශසීමා සම්පූර්ණයෙන් විවෘත කරයි

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 මාර්තු මාසයෙන් පසුව පළමුවරට සම්පූර්ණයෙන්ම දේශසීමා විවෘත කිරීමට නවසීලන්තය පියවර ගෙන තිබේ.

මේ අනුව, සංචාරක හා ශිෂ්‍ය වීසා බලපත්‍ර යළි පිළිගැනීමට එරට ආගමන බලධාරීන් ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නවසීලන්ත අගමැතිනිය - ජසින්ඩා ආර්ඩර්න් පවසා ඇත්තේ මෙය "ප්‍රවේශම්කාරී ක්‍රියාවලියක" "විශේෂ මොහාතක්" බවයි.

නවසීලන්තයට යන බොහෝ අමුත්තන්ට සම්පූර්ණයෙන් එන්නත් කර සිටීම අත්‍යවශ්‍ය කරුණක් වුවත්, විශේෂ නිරෝධායන අවශ්‍යතා නොමැත.

එරට මුහුදු සීමා ද මේ වන විට විට විවෘත කර ඇති අතර, ඒ අනුව, කෲස් නෞකා සහ විදේශීය යොට් යාත්‍රාවලට නැංගුරම් ලෑමට අවසර ලැබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top