Aug 03, 2022

චීන විරෝධය නොතකා පෙලොසි තායිවානයට Featured

චීනයේ අනතුරු ඇඟවීම් නොතකා අමෙරිකානු සෙනෙට් සභාවේ කතානායිකා නැන්සි පෙලෝසි තායිවාන සංචාරයක නිරත වී සිටියි.

දහවල් ආහාරයෙන් පසුව ඇය තායිවානයෙන් පිටව යාමට නියමිත බව එරට නිල හා ප්‍රධාන පුවත් ඒජන්සිය වාර්තා කරයි.

බයිඩ්න් ජනපතිවරයා විසින් සහය පළ කර නැති මෙම සංචාරය, ජ්‍යෙෂ්ඨ, ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරියෙකු විසින් 25 වසරකට පසුව තායිවානයේ සිදුකළ පළමු සංචාරය බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විරෝධය පළකිරීම සඳහා චීන රජය විසින් බෙයිජිං නුවර සිටින අමෙරිකානු තානාපතිවරයාව ඊයේ දිනයේදී කැඳවා තිබුණි.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට මැලි නොවන බවද චීනය පවසයි.

මේ අතර, දකුණු චීන මුහුදේ තායිවානයට ආසන්න කලාපවල ලබන ඉරිදා දක්වා යුද අභ්‍යාස සිදුකරන බවටද චීන මහජන විමුක්ති හමුදාව දැනුම් දී ඇත.

කෙසේවෙතත්, ඇමෙරිකාව පවසන්නේ මෙම සංචාරය අර්බුදයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්ය. පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි අවධාරණය කර තිබුණේ වත්මන් ක්‍රියා පටිපාටියට ඇමෙරිකාව සහය දෙන බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top