ඔහු මෙලෙස පවසා ඇත්තේ පවතින යුක්රේන් ගැටුම් හමුවේ එම සමාගම් විසින් බලශක්ති ගාස්තු වැඩිකරමින් විශාල ලාභ ලබමින් සිටියදීය.
මහජනයා විසින් ඉතා අසීරුවෙන් ඉහළ දැමූ බලශක්ති ගාස්තු ගෙවන අතර, එහි වැඩි වාසිය අත්කරගෙන ඇත්තේ බලශක්ති සමාගම් විසිනි.
මෙම සමාගම් අර්බුදයෙන් ලාභ ලැබීම සදාචාරාත්මක නොවන බව ගුටාරෙස් මහතා පෙන්වා දෙයි.
මෙම අතිශය කෑදරකම මගින් දඬුවම් ලබන්නේ දුගීම හා වඩාත්ම අවදානමට ලක්විය හැකි මිනිසුන් බවත්, එමගින් අප පොදු නිවහනද විනාශ වන බවත් ඔහු පවසයි.
“මෙම අධික ලාභ මත බදු අය කර, මෙම දුෂ්කර කාලවකවානුවේදී වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට උපකාර කිරීම සඳහා එම අරමුදල් භාවිතා කරන ලෙසත් මා සියලුම රජයන්ගෙන් ඉල්ලා සිටිනවා,” යැයි ඔහු පවසා ඇත.
ලොව විශාලතම බලශක්ති සමාගම් 4 වන Exxon, Chevron, Shell හා TotalEnergies විසින් පසුගිය කාර්තුවේදී ඩොලර් බිලියන 51ක් උපයා ඇති අතර, එය පසුගිය වසරේ එම කාර්තුවේදී ඔවුන් ඉපයූ මුදල මෙන් දෙගුණයකට ආසන්න බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.