Aug 08, 2022

ගාසා තීරයේ සටන් විරාමයක්

ඊශ්‍රායලය හා පලස්තීනය අතර දින 3ක් පුරා පැවති ගැටුම් වලින් අනතුරුව දෙරට අතර මේ වන විට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඊජිප්තු මැදිහත්වීම හමුවේ ප්‍රකාශයට පත් කෙරුනු මෙම සටන් විරාමය ග්‍රීන්විච් වේලාවෙන් ඊයේ රාත්‍රී 11.30ට ඇරඹී තිබේ.

පසුගිය දින 3 පුරා පැවති ගැටුම් වලින් පුද්ගලයන් 43දෙනෙකු මියගොස් ඇති අතර, මේ අතර ළමුන් 15ක් ද සිටින බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඊට අමතරව ගැටුම් වලින් පුද්ගලයන් 300ක් පමණ තුවාල ලබා ඇත.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top