Aug 09, 2022

බිඳවැටුනු ගූගල් යථා තත්ත්වයට

ලොව පුරා බලපෑ ගූගල් බිඳවැටීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව එවැනි බිඳවැටීම් පිළිබඳ නිවේදනය කරන Downdetector.com වෙබ් අඩවිය පවසයි.

අද අළුයම කාලයේ ඇති වූ මෙම බිඳවැටීම ඇමෙරිකාවේ පමණක් පරිශීලකයින් 30,000කට වැඩි පුමාණයකට බලපා තිබුණි.

ජපානය, කැනඩාව හා ඕස්ට්‍රේලියාවටද මෙම බිඳවැටීම බලපා ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top