Aug 10, 2022

චීනයෙන් අලුත් වෛරසයක්!

නැගෙනහිර චීනයේ පළාත් දෙකකින් හඳුනාගත් නව වෛරසයක් පුද්ගලයන් 53 දෙනෙකුට පමණ ආසාදනය වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම රෝගීන් වාර්තා වී ඇත්තේ ෂැන්ඩොං සහ හ'නෑන් යන පළාත් දෙකෙනි. 

ඔවුන්ගෙන් උණ, කැස්ස හා මස්පිඩු වේදනා, වැනි රෝග ලක්ෂණ දිස්වන බව පැවසේ.

Langya henipavirus (LayV) ලෙස නම් කර ඇති මෙම වෛරසය බෝවී ඇත්තේ සතුන්ගෙන බවට සැකකෙරෙන අතර, එය මිනිසුන් අතර බෝවන බවට මේ දක්වා සාක්ෂි හමුවී නැත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top