Pasidol
Sathosa Ad Final Sinhala
Jun 02, 2017

ලොව දැවැන්තම ගුවන්යානය : රොක් (ඡායා)

ලෝකයේ මෙතෙක් නිෂ්පාදන වූ දැවැන්තම ගුවන් යානය නිල වශයෙන් හඳුන්වා දීමට මේ වන විට කටයුතු කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෙල් ගේට්ස් සමග මයික්‍රොසොෆ්ට් සමාගම නිර්මාණය කිරීමට මුල් වූ බිලියනපතියෙක් වන පෝල් ඇලන් මෙම දැවැන්ත නිර්මාණයේ සැලසුම්කරුය.

මෙම දැවැන්ත නිර්මාණයේ විශාලත්වය පාපන්දු පිටියකට වඩා විශාල බව වාර්තා වේ.

ගුවන් යානා 2ක් එකට බද්ධ වී ඇති අකාරයට නිර්මාණය කර ඇති මෙම ගුවන් යානය නියමු කුටි දෙකකින් සහ එන්ජින් 6කින්ද සමන්විත වේ. තවද මෙම යානය රෝද 28කින්ද සමන්විතය.

ස්ට්‍රාටෝාලෝන්ච් (Stratolaunch) නමින් නම් කර ඇති මෙම යානයේ පියාපත් දෙකේ දිග අඩි 385ක් බවද වාර්තා වේ.

ඇන්ටනෝ 225 වර්ගයේ යානාවකට සමාන යානා දෙකක් එකට බද්ධ කළ ආකාරයෙන් නිර්මාණය කර ඇති මෙම යානාවෙන් අභ්‍යවකාශය වෙත චන්ද්‍රිකා ගෙන ගොස් කක්ෂගත කිරීමට සැලසුම් කර තිබේ.

2011 වසරේ මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා ඩොලර් මිලියන 300ක් වැය කර තිබේ.

යානයේ දෙපස ඇති කොටස්වල චන්ද්‍රිකා සවි කෙරෙන අතර එය පෘථවි කක්ෂයට ගමන් කළ පසු ස්වයංක්‍රීයව මුදා හැරෙන ආකාරයට නිර්මාණය කර තිබේ.

මෙහි අත්හදා බැලීම් කැලිෆෝනියා ප්‍රාන්තයේ අති සාර්ථක අයුරින් සිදු කළ බවද වාර්තා වේ.
මෙම යානය රොක් ලෙසද හඳුන්වන අතර මෙයට රාත්තල් ලක්ෂ 3ක බරක් ප්‍රවාහණය කළ හැකිය.

තවද මෙයට ඉතා අඩු ඉන්ධන ප්‍රමාණයකින් පියාසර කළ හැකි බවද සඳහන් වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top