Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරියක වූ මාගරට් තැචර්, ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කොල් සහ ඇමරිකාවේ හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරියක වූ මාගරට් තැචර්, ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කොල් සහ ඇමරිකාවේ හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්
Jun 17, 2017

ජර්මනිය එක්සත් කළ කොල් සමු ගනියි

බෙදී වෙන් වී තිබූ ජර්මනිය යළි එක්සත් කිරීමේ පියවර සකස් කළ තැනැත්තා බවට සැලකෙන ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කොල් දිවියෙන් සමු ගෙන තිබේ.

මිය යන විට ඔහු අසූ හත් වෙනි වියේ පසු විය.

දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඔහු බටහිර ජර්මනියේ පිහිටි සිය නිවසේ දී අවසන් හුස්ම හෙලූ බව වාර්තා වේ.

02 1

ඔහු විසින් වසර දාසයක් ජර්මනියේ චාන්සලර් ධුරය හොබවනු ලැබීය.

ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නැසීගිය ෆ්‍රන්ශුවා මිටරෝන් සමග එක්ව යුරෝපය තුළ යුරෝ තනි මුදල් ඒකකය භාවිත කිරීම සඳහා ඔහු විශාල කාර්ය භාරයක් ඉටු කළේය.

එක්සත් ජර්මනියෙන් තර්ජනයක් එල්ල නොවන බව බ්‍රිතාන්‍යයට සහ රුසියාවට එත්තු ගැන්වීමට ද ඔහු සමත් විය.

(බීබීසී සිංහල සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top