Pasidol
Sathosa Ad Final Sinhala
Jul 06, 2017

චීන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

හොංකොං දුපතේ පාලනය සම්බන්ධයෙන් ‘බේජිං’ බල අධිකාරියට අභියෝග කරනු ලැබීම ‘අනුමත කළ නොහැකි ක්‍රියාවක්’ බවට චීන ජනාධිපති ෂි ජින්පින්  අනතුරු ඇඟවීමක් කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

ජනපතිවරයා මේ බව පවසා ඇත්තේ හොංකොක දූපත බ්‍රිතාන්‍ය පාලනයෙන් චීනයට භාර දෙනු ලැබීමේ විසිවෙනි සංවත්සරය හා සමඟාමීව නව පාලිකා කැරී ලෑම් සිය පදවියේ දිවරුම් දීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

හොංකොං දූපතේ නව විධායක නිලධාරිනිය හැටියට පත්ව සිටින කැරී ලෑම් සහ ඇයගේ කැබිනට් මණ්ඩලය දිවරුම් දෙන අවස්ථාවට සහභාගී වූ ජනාධිපති ෂි ජින්පින් “දූපතේ සංවර්ධනය, ආරක්ෂාව සහ ජාතික පරමාධිපත්‍යය අඛණ්ඩව පෙරට ගෙනයාමේ වැඩ පිළිවෙළ වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව” පෙන්වා දී ඇත.

කැරී ලෑම් හොංකොං දූපතේ විධායක නිලධාරිනිය හැටියට පත් පළමු කාන්තාව වේ.

“චීනයේ පරමාධිපත්‍යය සහ ආරක්ෂාව අනතුරේ හෙළීමට ගනු ලබන ඕනෑම උත්සාහයක්, මධ්‍යම ආණ්ඩුවේ බලය සම්බන්ධයෙන් අභියෝග කරනු ලැබීමක් හෝ රහසිගත පිවිසීම සඳහා හොංකොං දූපත යොදා ගැනීමක් සහ චීනයට එරෙහි කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා දූපත උපයෝගී කර ගනු ලැබීමක් රතු එළිය නොතකා ගමන් කිරීමක් . එවැනි ක්‍රියා කිසිසේත්ම අනුමත කරන්න බැහැ” චීන නායකයා අවධාරණය කළා.

හොංකොං දූපතේ ජනතාව කිසිදාක නොවූ නිදහසක් දැන් භුක්ති විඳින බවත් ඔහු මෙහිදී  පැවසූ බව සඳහන් වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top