Pasidol
Sathosa Ad Final Sinhala
Jul 07, 2017

ප්‍රංශය පෙට්‍රල් ඩීසල් වාහන තහනම් කරයි !

වසර 2040 වන විට සියලූම පෙට්‍රල් සහ ඩීසල් වාහන ප්‍රංශය තුළ තහනම් කිරීමට සූදානම් බව එරට පරිසර අමාත්‍ය නිකලස් හුලොට් (Nicolas Hulot) මහතා කියා සිටී.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැකොන් සිය පරිසර අමාත්‍යවරයා ලෙස නම් කර ඇති  නිකලස් හුලොට් පරිසරවේදියෙක් බව පැවසේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව පැරිස් කාලගුණ ගිවිසුමෙන් ඉවත් වීම ප්‍රකාශයට පත් කිරීමත් පසුව ප්‍රංශය මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීම මේවන විට තරමක ආන්දෝලනයක් ඇති කර තිබේ.

දැනට ප්‍රංශයේ හයිබ්‍රිඩ් සහ විදුලි වාහන ප්‍රතිශතය සියයට 5 කට ආසන්න වන අතර, 2040 වන විට එය සියයට සියය දක්වා ඉහළ නැංවීම එරට රජය අපේක්ෂා කෙරේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top