Pasidol
Sathosa Ad Final Sinhala
Nov 14, 2016

සුනාමියෙන් පසු නවසීලයන්තයේ යළි භූකම්පනයක් (ඡායා)

නවසීලන්තයේ දකුණු දූපතේ යළිත් ප්‍රබල භූකම්පනයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.

එරට වේලාවෙන් ප.ව. 1.45ට පමණ ක්‍රයිස්ට්චර්ච් නුවරට ඊසාන දිගින්  කි.මී. 10ක් ගැඹුරින් ඇති වූ මෙම භූකම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 6.1ක් ලෙස සටහන් වේ.

ඊයේ එරට වේලාවේ මධ්‍යම රාත්‍රියේදී ක්‍රයිස්ට්චර්ච් ප්‍රදේශයේ රිච්ටර් මාපක 7.8ක අගයකින් යුත් භූමිකම්පාවක් ඇති වූ අතර, මේ හේතුවෙන් ඊට පැය දෙකකට අනුව සුනාමි තත්වයක් හට ගෙන තිබුණි.

භූ චලනය සිදුවී දෙපැයකට පසුව මීටර 2ක් පමණ උසැති පළමු සුනාමි රළ පහර වෙරළට ළඟාවුනු අතර, නවසීලන්තයේ නැගෙනහිර වෙරළතීරයේ පදිංචි ජනයා ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට හා විපතට පත්වූවන් බේරා ගැනීමට එරට බලධාරීන් යුහුසුළුව කටයුතු කර තිබුණි.

පළමු භූමිකම්පාව හේතුවෙන් මේ දක්වා ජීවිත හානි දෙකක් වාර්තා වී තිබේ.

පහත දැක්වෙන්නේ භූකම්පන තත්වය හේතුවෙන් ඇති වූ හානියයි.

(ඡායා : ඩේලිමේල්)

Earthquick2

Earthquick3

Earthquick4

Earthquick5

Earthquick6

Earthquick7

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top