Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Aug 09, 2017

අත් ගෙනචිච චීනා අල්ලයි!

මිනිස් අත් දෙකක් මල්ලක දමාගෙන ගෙන ගිය පුද්ගලයෙකු නිරිතදිග චීනයේ ආරක්ෂක නිලධාරීන් විසින් රඳවාගෙන තිබේ.

Guizhou පළාතේ Duyun නගරයේ බස් නැවතුම්පොලකදී තිබුණු ආරක්ෂක ස්කෑනර් උපකරණයකට මේ බව හසුවී ඇති අතර, මෙම දෑත ප්‍රවාහනය කරමින් ඇත්තේ සෙන්ග් (Zheng) නැමැති පනස් හැවිරිදි පුද්ගලයෙකි.

සිය මල්ලේ ඇත්තේ කුමක්දැයි ආරක්ෂක නිලධාරියෙකු ප්‍රශ්ණ කළ විට දී මෙම පුද්ගලයා පිළිතුරු දී ඇත්තේ එය අතක් බවයි.

මෙම පුද්ගලයා කිසියම් මිනිස් ඝාතනයකට සම්බන්ධ යැයි සැකය මත ඔහුව වහාම අත්අඩංගුවට ගෙන තිබුණු අතර, සෙන්ග් මහතා පවසා තිබුණේ හදිසි අනතුරක් හේතුවෙන් සිය සොහොයුරා ගේ අත ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට සිදුවූ බවත්, ඔහු ගේ සොහොයුරා මියගිය පසුව ඔහුගේ සියළු ශරීර කොටස් එකට මිහිදන් කිරීමට හැකිවීමට මෙම ශරීර කැබැල්ල ගෙන යන බවයි.

කෙසේවෙතත්, සෙන්ග් මහතා ගේ සොයුරා ප්‍රතිකාර ලබන රෝහල විසින් මෙය සනාථ කිරීමෙන් පසුව ඔහුව නිදහස් කර ඇත.

පුද්ගලයෙකු මියගිය විට එම මෘත ශරීරය සම්පූර්ණයෙන්ම මිහිදන් කිරීමට හෝ ආදාහනය කිරීමෙන් මියගිය පුද්ගලයාගේ ආත්මයට ශාන්තිය ලැබෙන බව චීන ජාතිකයන් ගේ විශ්වාසයයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top