Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Nov 18, 2016

සුෂ්මාට වකුගඩු දෙන්න ජනතාව ඉදිරිපත් වෙයි!

තමා වකුගඩු බද්ධ කිරීමක් සඳහා පරීක්ෂණ වලට පෙනී සිටින බවට ඉන්දීය විදේශ ඇමතිනි - සුෂ්මා ස්වරාජ් විසින් ටිවිටර් ගිණුම ඔස්සේ නිවේදනය කිරීමෙන් පසුව ඇයට වකුගඩුවක් ලබාදීමට ඉන්දීය ජාතිකයින් රැසක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.

කාලයක් පුරාවට අධික ලෙස දියවැඩියාවෙන් පෙළන ඇය, මෙම මාසය මුලදී රෝහල්ගත විය.

සිය වකුගඩු අක්‍රීය වීම හේතුවෙන් රුධිරය කෘත්‍රිමව පිරිසිදු කිරීමේ (Dialysis) ප්‍රතිකාරය ලබමින් සිටින බව ඇය පසුගිය අඟහරුවාදා දින පැවසුවාය.

සුෂ්මා ස්වරාජ් යනු අගමැති නරේන්ද්‍ර මෝදි ගේ කැබිනට් මණ්ඩලයේ සිටින ප්‍රබලම අමාත්‍යවරියකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top