Pasidol
Sathosa Ad Final Sinhala
Sep 18, 2017

ෂරීෆ් ගේ බිරිඳට ලාහෝර් ආසනයක්!

ඊයේ (17) පකිස්තානයේ පැවති අතුරු මැතිවරණයෙන් එරට හිටපු අගමැති නවාස් ෂරීෆ් ගේ බිරිඳ වන කුල්සුම් නවාස් ලාහෝරයේ ප්‍රධාන ආසනයක් දිනාගැනීමට සමත් වී ඇතැයි නිල නොවන වාර්තා සඳහන් කරන බව විදෙස් වාර්තා වල දැක්වේ.

ෂරීෆ් අගමැති ධූරිය දැරීමට නුසුදුසු බව පසුගිය ජූලි මාසයේදී එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණු අතර, ඔහු ගේ ස්ථානය ගැනීමට ඔහු ගේ බිරිඳ කටයුතු කර තිබුණි.

ඇය ඡන්ද  61,254 ක් ලබා ඇති අතර, එය සිය ළඟම ප්‍රතිවාදියාට වඩා ඡන්ද 14,188 ක් වැඩිපුර ලබාගත් බව එරට මාධ්‍ය වල දැක්වේ.

නවාස් මහත්මිය මේ වන විට පිළිකාවක් සඳහා ලන්ඩනයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, මේ කාලය තුලදී PML-N පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා නායකත්වය ලබාදෙනු ලැබුවේ ඇගේ දියණිය වන මරියම් ය.

නිල නොවන ඡන්ද ප්‍රථිඵල නිකුත් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මරියම් පවසා තිබුණේ මෙය සාමාන්‍ය ජයග්‍රහණයක් නොවන බවත් සිය පියා ගේ පැරණි ඡන්ද ආසනය දිනාගැනීමට හැකිවීමෙන් පෙන්නුම් වන්නේ ඔහුට එරෙහිව නිකුත් කර තිබූ අධිකරණ නියෝගය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top