Pasidol
Sathosa Ad Final Sinhala
Sep 19, 2017

එක්සත් ජාතීන් නිලවාදයට යටත් - ට්‍රම්ප්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවතින නිලවාදය හා අවපාලනය නිසා ඔවුන් තම විභවයේ බලාපොරොත්තු මට්ටමට කටයුතු නොකරන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ  සිය ප්‍රථම කතාව පවත්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙසේ අදහස් දැක්වීය.

"වැඩි අවධානයක් මිනිසුන් කෙරෙහි යොමුකළ යුතුයි. නිල බල ක්‍රමය ප්‍රමුඛ අවධානය නොවිය යුතුයි" යනුවෙන් ට්‍රම්ප් පවසා තිබේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට විසමානුපාතික දායකත්වයක් දැක්වීමට සිදුව තිබෙන බව පෙන්වාදෙන ඇමෙරිකානු ජනාධිපතිවරයා, සියලු දෙනා එක්ව කටයුතු කළහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තවදුරටත් ශක්තිමත් කළ හැකි බවද පවසයි.

එක්සත් ජාතීන්ගේ එදිනෙදා අයවැය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ අරමුදල් දායකත්වය 22%ක් වන අතර, සාමසාධක කටයුතු වෙනුවෙන් දායකත්වය 28%කි.

කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනපතිවරයා අද දිනයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සිය  දීර්ඝ දේශනය සිදුකිරීමට නියමිතය. මෙම කතාවේදී උතුරු කොරියාව හා ඉරානය සම්බන්ධයෙන් සිය දැඩි ස්ථාවරය ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමේ සූදානමක සිටින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top