Pasidol
Sathosa Ad Final Sinhala
Oct 02, 2017

වෙන්වීමට කැටලෝනියාවේ බහුතර කැමැත්ත

ස්පාඤ්ඤයේ කැටලෝනියා කලාපය ස්වාධීන රාජ්‍යයක් ලෙස ස්ථාපිත කිරීමේ අයිතිය දිනාගෙන ඇතැයි එහි නායක කාර්ලස් පුග්ඩෙමෝන්ට් පවසයි.

කෙසේ වෙතත් ස්පාඤ්ඤ රජය මෙම ප්‍රතිඵලය බැහැර කර ඇත්තේ ජනමත විචාරණය ව්‍යවස්ථා විරෝධී එකක් ලෙස ප්‍රකාශයට පත් කරමිනි.

කැටලෝනියානු බලධාරීන් නිවේදනය කළේ, පැවති ජනමත විචාරණයේදී 90% ක කැටලෝනියාව ස්වාධීන රාජ්‍යක් විය යුතු බවට ප්‍රකාශ කර ඇති බවයි.

කෙසේවෙතත් ස්පාඤ්ඤයේ ව්‍යවස්ථාදායක අධිකරණය මෙම මැතිවරණය නීතිවිරෝධී බවට ප්‍රකාශයට පත් කර තිබේ.

මහජනයා ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණීම වැළැක්වීම උත්සහ ගත් ස්පාඤ්ඤ පොලීසිය, බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා සිය භාරයට ගෙන තිබුණි. ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් සියගණනක් තුවාල ලබා තිබුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top