Pasidol
Sathosa Ad Final Sinhala
Nov 03, 2017

නව මහා වානරයෙක් සොයාගනියි! (වීඩියෝ)

ලොව මහා වානරයන් අතරට නව විශේෂයක් එක්වී ඇතැයි වාර්තා වේ.

ඒ, ඉන්දුනීසියාවේ සුමාත්‍රා වනාන්තර වලින් නව ඔරන්ඔටන් විශේෂයක් හමුවීමත් සමගිනි.

ටැපනුලි ඔරන්ඔටන් ලෙස නම් කර ඇති මෙම විශේෂය, ජානමය වශයෙන්, හිස්කබලේ හැඩයෙන් හා දත් වලින් සුමාත්‍රානු හා බෝනියන් ඔරන්ඔටන් විශේෂ වලට වඩා වෙනස් වන බව විද්‍යාඥයන් පවසයි.

කෙසේවෙතත්, මෙම විශේෂයෙන් ඉතිරිව ඇත්තේ තවත් සතුන් 800ක් පමණක් බැවින් ඔවුන් ඍජුවම දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂ අතරට එක්වේ.

විද්‍යාඥයන් විසින් විසින් පළමුවරට මොවුන්ව හමුවී ඇත්තේ 1997 වුවත්, ඔවුන් නව විශේෂයක් ලෙස නිශ්චිතවම හඳුනාගෙන ඇත්තේ විසිවසරක් පුරාවට සිදුකරන ලද අධ්‍යයන වල ප්‍රථිපලයක් ලෙසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top