Pasidol
Sathosa Ad Final Sinhala
Dec 04, 2017

බිළිඳා මළැයි කිවු දොස්තරලා ට වැඩ වරදී!

අළුත උපන් බිළිඳෙකු මියගොස් ඇති බවට වරදවා ප්‍රකාශ කළ වෛද්‍යවරුන් දෙදෙනෙකු ගේ රැකියා අහිමි වූ පුවතක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරෙන් වාර්තා වේ.

මෙය සිදුවී ඇත්තේ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක් වන මැක්ස් රෝහලේදී ය.

නොවැම්බර් 30 දී එම රෝහලේ නිවුන් දරු උපතක් සිදුවී ඇති අතර, එහි පළමු දරුවා මළදරු උපතක් ලෙස වාර්තා විය. දෙවැනි දරුවාද මියගොස් ඇති බව එම වෛද්‍යවරුන් පවසා තිබුණි.

කෙසේවෙතත්, දෙවැනි දරුවා ගේ අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට යන අතරතුරදී වෛද්‍යවරුන් විසින් දරුවා දඟලන ආකාරය එම දෙමාපියන් දැකීමෙන් අනතුරුව වහාම දරුවාව රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත.

මෙම සිද්ධියෙන් පවසුව පෞද්ගලික සෞඛ්‍ය සේවා වල තත්ත්වය පිළිබඳව විවිධ මතමාතන්තර පළවී තිබෙන අතර, මෙම වෛද්‍යවරුන් ගේ සේවය වහාම අත්හිටුවීමට කටයුතු කළ බව නිවේදනයක් නිකුත් කරමින් මැක්ස් රෝහල පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top