Pasidol
Sathosa Ad Final Sinhala
Nov 29, 2016

මිලියන ගණනක් නීතී විරෝධීව ඡන්දය භාවිතා කරලා - ට‍්‍රම්ප්

ඇමෙරිකා ජනපතිවරණයේ මිලියන ගණනක් නීතීවිරෝධීව ඡන්දය භාවිත කළ බව ඇමෙරිකා නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය නොවැම්බර් 08 පැවැත්වු එරට ජනපතිවරණයේ ඡන්ද කොට්ඨාස අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගත් අතර මනාප සටහන අනුව හිලරි ක්ලින්ටන් ජයගත්තාය.

ඔහු මේ බව පැවසුයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක හිලරිගේ මැතිවරණ කමිටුව කොට්ඨාස කිහිපයක ඡන්ද නැවත ගණන් කළ යුතු බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.

“නීතී විරෝධීව ඡන්දය භාවිත කරපු අයගේ මනාප ගණන අඩු කළොත් අනිවාර්යෙන් මම ජනප්‍රිය මනාප සටහනත් ජයගන්නවා“යැයි ඔහු පැවසීය.

මේ බව සනාථ කිරීමට අවශ්‍ය තරම් සාක්ෂි ලබා නොදුන් බව එරට මාධ්‍ය පවසයි.

මනාප සටහන අනුව හිලරි ට්‍රම්ප්ට වඩා මිලියන දෙකකින් පමණ ඉදිරියෙන් සිටියාය.නමුත් ඇමෙරිකා මැතිවරණ ක්‍රමය අනුව ජනපතිවරණය ජයගැනීමට ඡන්ද කොට්ඨාස 270ක් ජයගත යුතුය.ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් කොට්ඨාස 270 සම්පුර්ණ කර ජනපතිවරණය ජයගත්තේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top