Pasidol
Sathosa Ad Final Sinhala
Dec 20, 2017

පැන්ඩා අසූචි වලින් ටොයිලට් පේපර්

පැන්ඩා යනු චීනයේ විශේෂ ස්ථානයක් හිමිවන සත්ත්වයෙකි. චීනයේ සංචාරකයන් අතර අතිජනප්‍රිය මෙම සතුන් ගෙන් ආශ්‍රිතව නව කර්මාන්තයක් ඇරඹීමට යන පුවතක් පිළිබඳව චීනයෙන් වාර්තා වේ.

පැන්ඩා සතුන්ගේ අසූචි වලින් වැසිකිළි කඩදාසි (ටොයිලට් පේපර්) නිෂ්පාදනය කිරීමට සිචුවාන් පළාතෙහි ජාතික පැන්ඩා රක්ෂිතය හා කඩදාසි සමාගමක් මේ වන විට ගිවිසුම්ගත වී තිබේ.

උණපඳුරු ආහාරයට ගන්නා පැන්ඩා සතුන් ගේ අසූචි වල කෙඳි බහුල වන අතර එක් වැඩුනු පැන්ඩා සතෙකු දිනකට කිලෝ 10ක් පමණ අසූචි බැහර කරයි. මීට අමතරව මෙහි සිටින පැන්ඩා සතුන් විසින් අඩක් අනුභව කළ ආහාර කිලෝ 50ක් පමණ දිනකට ඉවතලන බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉහත ගිවිසුම අනුව, සිචුවාන් ක්යන්වෙයි ෆෙන්ෂෙන් නැමැති කඩදාසි සමාගම විසින් සෑම සතියකම මෙම අසූචි හා ආහාර අපද්‍රව්‍ය එකතු කර වැසිකිළි කඩදාසි නිෂ්පාදනය කරනු ඇත.

මීට පෙර, මෙම රක්ෂිතය විසින් මෙම අපද්‍රව්‍ය පොහොර ලෙස භාවිතා කර හෝ කසළ ලෙස ඉවත දැමීමට කටයුතු කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top