Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Dec 22, 2017

අලි බබාලට අලි බ්ලැන්කට් (ඡායා)

මේ දිනවල චීනයේ සිට හමා එන ශීත සුළං හේතුවෙන් තායිලන්තය, මියන්මාරය හා කාම්බෝජය වැනි රටවල දැඩි සීතල දේශගුණයක් පැවතුණු අතර, මේ හේතුවෙන් අපහසුවට ලක්වූ අලි පැටවුන් හට සරණ වීමට සත්ත්ව සංවිධානයක් ඉදිරිපත් වී ඇත.
 
 ලී හා වෙනත් ව්‍යාපාර හේතුවෙන් අසරණ වූ අලින් මුදවාගෙන ඔවුන් පුනරුත්ථාපනය කරනු ලබන ’සේව් එළිෆන්ට්’ නම් පදනම විසින් මියන්මාරයේ බාන් ලාඕ හි වනෝද්‍යානය ඇතුළු ස්ථාන කිහිපයක සිට මෙහෙයුම් සිදුකරන අතර, මේ දිනවලදී රූ පහන් වන තෙක් ගිනිමැල ගසාතැබීමට ඔවුන් කටයුතු කර තිබේ. 
 
එම සෙවණේ සිටින අලි පැටවුන් හට උණුසුම ලබාදීමට මෙම වර්ණවත් බ්ලැන්කට් ලබා දී ඇත්තේ නීත්‍යානුකූල නොවන වනසත්ත්ව සංහරය හේතුවෙන් අසරණ වන පැටවුන් උණුසුම් කිරීමට බ්ලැන්කට් නිපදවන ‘බ්ලැන්කට්ස් ෆො බේබි රයිනෝස්’ නම් ජාත්‍යන්තර සත්ත්ව සංවිධානයයි. ඒවා ජම්පර් ආකාරයෙන් ඔවුන් ගේ සිරුරු වටා ගැට ගසා තිබෙන අයුරු පහත දැක්වේ.
 
අලි පැටවුන්ට පමණක් නොව සීතල අධික උදෑසන යාමයේදී වැඩුනු අලින්ට ද මෙම බ්ලැන්කට් ලබාදෙන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
 
(ඡායා : බීබීසී)
 
Elephant 900px 17 12 22

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top