Pasidol
Sathosa Ad Final Sinhala
Dec 25, 2017

නත්තල දා පාප් වහන්සේ ගෙන් ඉල්ලීමක්

සිය දේශ වලින් පලහා හැරුණු ලොව පුරා සරණාගතයින් මිලියන ගණනක් හට මුහුණදීමට සිදුවී ඇති තත්ත්වය පිළිබඳව නොතකා නොසිටින මෙන් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලෝකවාසීන්ගෙන් ඉල්ලා සිටියි.

වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේදී මෙවර නත්තල් දින ප්‍රධාන දේව මෙහෙය සිදුකරමින් උන්වහන්සේ මෙලෙස ඉල්ලා සිටි සේක.

නසාරතයේ සිට බෙත්ලෙහෙම කරා ගමන් කළ ජෝසප් හා මරියා මවුතුමිය හට රැඳීමට ස්ථානයක් නොමැති වීමේ පුවත හා මෙම තත්වය සමකළ පාප්වහන්සේ, වැඩිදුරටත් පවසා තිබුණේ අහිංසක ලේ වැගිරීම සම්බන්ධයෙන් වරදක් නොදකින නායකයන්ගේ පළා යාමට ඔවුන්ට සිදුව ඇති බවයි.

උදා වූ නත්තල ලොව පුරා කිතුණු බැතිමතුන් අති උත්කර්ශවත් ලෙස සමරනු ලබන අතර ඊයේ (24) මෙරට වේලාවෙන් පස්වරු 4.30 ට නවසිලන්තයේ ඕක්ලන්ඩ් නගරයට පළමුව නත්තල උදාවිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top