Pasidol
Sathosa Ad Final Sinhala
Jan 08, 2018

දරුවන්ට බඩගිනියි නම් මව්කිරි දෙන්න - පාප්වහන්සේ (වීඩියෝ)

ප්‍රසිද්ධ ස්ථාන වල මව්කිරි ලබාදීම යනු ආන්දෝලනාත්මක කතිකාවතකි. ඇතැමුන් මෙයට එකහෙළා විරුද්ධ වුවත්, බොහෝ පුද්ගලයන් විසින් එය දරුවන්ගේ මෙන්ම මව්වරුන්ගේ අයිතියක් කොට සලකනු ලබයි.

මේ දෙවැනි කොටසට පසුගියදා අතිපූජ්‍ය ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ද එක්විය.

ඒ, වතිකානු නගරයේ සිස්ටීන් දේවස්ථානයේ පසුගියදා පැවති වාර්ෂික බෞතිස්ම කිරීමේ මංගල්‍යයේදී ය. මෙහිදී පාප්වහන්සේ විසින් දරුවන් 28 දෙනෙකු බෞතිස්ම කරනු ලැබීය.

මෙහිදී දෙමාපියන් අමතමින් උන්වහන්සේ මෙසේ පවසා සිටි සේක. “දරුවන් අඬන්න ගතහොත් ඊට හේතු වන්නේ ඔවුන් යම් අපහසුතාවයකින් හෝ උණුසුම වැඩිවීම හෝ බඩගින්නේ පසුවන නිසාවෙන්… බඩගිනි නම් ඔවුන්ට මව්කිරි දෙන්න… බය වෙන්නෙපා… ඔවුන්ව පෝෂණය කරන්න… කිමද යත් මෙයත් ආදරයේ භාෂාව නිසා…”

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top