Pasidol
Sathosa Ad Final Sinhala
Jan 19, 2018

කලින් පිළිකා හඳුනාගන්න ලේ පරීක්ෂාවක්!

ලේ පරීක්ෂාවක් මගින් පිළිකා හඳුනාගැනීමට ඇති අවකාශය පිළිබඳව විද්‍යාඥයින් සොයාබලමින් සිටියි.

විවිධ පිළිකා වර්ග වල පොදු ලක්ෂණ 08ක් හඳුනාගන්නා ක්‍රමවේදයක් පිළිබඳව වෛද්‍ය විද්‍යාව සඳහා වූ සුප්‍රකට ජෝන් හොප්කින්ස් සරසවියේ පර්යේෂකයන් පිරිසක් මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටියි.

පිළිකාවක් (tumour) විසින් විකෘති වූ DNA සෛල වල කුඩා අංශුමාත්‍ර පිට කරන අතර මේවා රුධිර සංසරණ පද්ධතියට එක්වේ.

මෙම පරීක්ෂණය විසින් එසේ රුධිර සංසරණ පද්ධතියට එක්වන ජාන 16ක විකෘතිවීම් හා ප්‍රෝටීන 08ක් හඳුනාගැනේ.

විවිධ පිළිකා සහිත රෝගීන් 1,005ක් මෙම පරීක්ෂණයට බඳුන් කර ඇති අතර, මෙම පරීක්ෂණයෙන් එම පිළිකා 70%ක් හඳුනාගෙන තිබේ.

කෙසේවෙතත්, මෙම ක්‍රමවේදය තවමත් පවතින්නේ පරීක්ෂණ මට්ටමේය.

බීබීසි ලෝක සේවය වෙත අදහස් දක්වමින් ජෝන් හොප්කින්ස් සරසවියේ වෛද්‍ය ක්‍රිස්ටියන් ටොමාසෙටි මහතා පවසා ඇත්තේ කල්වේලා ඇතිව පිළිකා රෝගය හඳුනාගැනීම ඉතා වැදගත් බැවින් මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල පිළිබඳව ඉතා සතුටු වන බවත්, මෙමගින් පිළිකා රෝගීන් ගේ මරණ ප්‍රතිශතය මත විශාල බලපෑමක් ඇතිකළ හැකි බවත්ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top