Pasidol
Sathosa Ad Final Sinhala
පසුගියදා කාබුල් අගනුවර ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයට එල්ල වූ තලෙයිබාන් ප්‍රහාරයෙන් පසුව පසුගියදා කාබුල් අගනුවර ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයට එල්ල වූ තලෙයිබාන් ප්‍රහාරයෙන් පසුව
Jan 31, 2018

ඇෆ්ගනිස්තානයේ 70%කට තලෙයිබාන් තර්ජන - බීබීසී

ඇෆ්ගනිස්තානයේ 70%ක ප්‍රදේශයක තලෙයිබාන සංවිධානය සක්‍රීය බව බීබීසී ය විසින් සිදුකළ අධ්‍යයනයක් සඳහන් කරයි.

වසර 2014 දී විදේශ හමුදා ඉවත්වීමෙන් අනතුරුව තලෙයිබාන සංවිධානයේ පාලනයට නතු වූ හෝ එහි තර්ජනයට ලක්වූ ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශ ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි මාස ගණනක් පුරාවට සිදුකළ මෙම අධ්‍යයනයෙන් දැක්වේ.

කෙසේවෙතත්, ඇෆ්ගනිස්තානු රජය පවසා ඇත්තේ බහුතර ප්‍රදේශ සිය පාලනය යටතේ පවතින බවයි.

පසුගිය කාලය පුරාවට කාබුල් අගනුවර ඇතුළු ඇෆ්ගනිස්තානයේ සිදුවූ සන්නද්ධ ප්‍රහාර රැසක වගකීම තලෙයිබාන් හා අයි
එස් සංවිධානය විසින් භාරගෙන ඇත.

මීට ප්‍රතිචාර දක්වමින් ඇෆ්ගන් නිලධාරීන් හා ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ තලෙයිබාන් සංවිධානය සමග කිසිඳු සාකච්ඡාවක් නොපවත්වන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top