Pasidol
Sathosa Ad Final Sinhala
Feb 01, 2018

ද්විත්ව පුරවැසිභාවය නිසා තවත් මන්ත්‍රීවරයෙක් එළියට

ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් පැණනැගුණු ගැටළුවක් හේතුවනේ ඕස්ට්‍රේලියාවේ තවත් මන්ත්‍රීවරයෙකුට සිය මන්ත්‍රී අසුන අහිමිවී තිබේ.

මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන ඩේවිඩ් ෆීනි ය.

ද්විත්ව පුරවැසිභාවය හේතුකොට ගෙන එරට මන්ත්‍රී අසුන් අහිමි වූ දසවැනි මන්ත්‍රීවරයා මොහුය. සිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කරගත්තද ඒ බවඔප්පු කිරීමට ඔහු අපොහොසත් වී තිබේ.

මේ හේතුවෙන් තමා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ෆීනි පවසා තිබේ.

ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් හට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලෙස කටයුතු කළ නොහැක.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top