Pasidol
Sathosa Ad Final Sinhala
Feb 06, 2018

මාලදිවයින අගවිනිසුරු අත්අඩංගුවට

මාලදිවයිනේ දේශපාලන අර්බුදය වඩාත් තීව්‍ර වෙත්ම එරට අගවිනිසුරුවරයා පොලිස් අත්අඩංගුවට පත් ව ඇතැයි වාර්තා වේ.

මාලදිවයින රජය විසින් ඉදිරි දින 15ක කාලයක් පුරාවට එරට තුළ හදිසි නීතිය පණවා පැය කිහිපයකට අනතුරුව අගවිනිසුරු අබ්දුල්ලා සයිඩ් හා තවත් විනිසුරුවරයෙකු වන අලී හමීඩ් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත්, ඔවුට එරෙහිව එල්ල වී ඇති චෝදනා හෝ පැවැත්වෙන පරීක්ෂණ පිළිබඳව මෙතෙක් කරුණු හෙළිරව් වී නොමැත.

‍ශ්‍රේඨාධිකරණයේ නියෝගය ප්‍රකාර සිරගත කරනු ලැබ සිටින විරුද්ධ පක්ෂයේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටිමින් මාලදිවයින් විරුද්ධ පක්ෂ ආධාරකරුවෝ දිවා රෑ නොබලා උද්ඝෝෂණවල නිරතව සිටින අතරවාරයේ දී එරට තුළ හදිසි නීතිය පණවා තිබේ.

ඒ අතරවාරයේ සිය මුල් නියෝගය ප්‍රකාර රටේ ව්‍යවස්ථාවට ගරු කරමින් විරුද්ධ පක්ෂ දේශපාලනඥයන් 09 දෙනා නිදහස් කරන මෙන් ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පාලනයෙන් ඉල්ලා සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනයක් ද නිකුත් කොට ඇත.

හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සහ තවත් විපක්ෂ දේශපාලනඥයන් 08 දෙනෙක් ඉහත කී දේශපාලන සිරකරුවන් අතර වන අතර, ඔවුන්ට එරෙහිව පැවැත්වූ නඩු විභාග දෝෂසහගත සහ දේශපාලන අරමුණකින් දියත් වූවක් බව අධිකරණයේ නිගමනය විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top