Pasidol
Sathosa Ad Final Sinhala
Feb 08, 2018

'ඩ්‍රීමර්ස්' වෙනුවෙන් පෙලොසි ගෙන් වාර්තාගත හඬක්

ඇමෙරිකාවට පැමිණ සංක්‍රමණිකයන් වෙනුවෙන් හඬ නගමින් එරට දේශපාලඥවරියක් වන නැන්සි පෙලොසි විසින් වාර්තාවක් තබා ඇත.

ඒ, ඇමරිකානු පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ (House of Representatives) දී සිදුකළ දීර්ඝතම කථනය සිදුකරමිනි.

ඇය මෙලෙස හඬ අවදි කර තිබුණේ 'ඩ්‍රීමර්ස්' (සිහින දකින්නන්) ලෙස හැඳින්වෙන ඇමෙරිකානු සිහිනය සැබෑ කරගැනීමට ළමාවියේදී එරටට පැමිණි සංක්‍රමණිකයන් වෙනුවෙනි. ඔවුන් සුරක්ෂිත කරන මෙන් ඇය ඉල්ලා සිටියි.

එරට වේලාවෙන් පෙ.ව. 10.04ට ඇරඹුණු ඇගේ කථාව සවස් යාමය දක්වා පැවති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙහිදී ඇය සංක්‍රමණිකයන් ගණනාවකගේ කතාපුවත් රැසක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවේ පවසා ඇත.

Deferred Action for Childhood Arrivals scheme යටතේ මෙම සංක්‍රමණිකයන් මීට පෙර සුරක්ෂිත කර තිබුණද, පසුගිය වසරේදී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එය නවතා දැමීමට කටයුතු කර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top