Pasidol
Sathosa Ad Final Sinhala
Feb 14, 2018

ට්‍රැෆික් ලයිට් වලටත් වැලන්ටයින්!

අද (14) ආදරවන්තයින්ගේ දිනයයි. ලොව පුරා ආදරවන්තයන් මෙම දිනය සමරන අතරේදී දකුණු තායිවානයේ රථ වාහන ආලෝක සංඥා වලද පෙම්වතුන් ගේ රුවක් එක් කර තිබේ.

මෙම අපූරු වෙනස්කම සිදුකර ඇත්තේ දකුණු තායිවානයේ Pingtung ප්‍රාන්තයේ ය.

තායිවාන් නිවුස් වෙබ් අඩවියට අනුව සාම්ප්‍රදියක ලෙස තනි මිනිසකු ගේ රුවක් වෙනුවට ඊයේ (13) දිනයේදී පෙම්වතුන් යුවළගේ රුව එක්කර තිබේ.

මේ වෙනස්කම මූලික වශයෙන් පසුගිය දෙසැම්බරයේදී අත්හදා බලා ඇති අතර, රථ වාහන ආලෝක සංඥා වලට වඩාත් ආකර්ශනීයබවක් එක් කිරීමට මෙම පියවර ගත් බව Pingtung ප්‍රාන්තයේ පොලිසිය පවසයි.

මෙම නව වෙනස මගින් pingtung ප්‍රාන්තය ආදරයෙන් පිරි ප්‍රාන්තයක් බව පෙන්නුම් කරන බව Pingtung ප්‍රාන්තයේ නගරාධිපතිවරයා එරට මාධ්‍ය වලට පවසා ඇත.

 100010939 trafficlightgreen.png

 100010940 trafficlightred.png

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top