Pasidol
Sathosa Ad Final Sinhala
Feb 19, 2018

වෙළඳ අමාත්‍යංශයෙන් බුරන කුකුළෙක්!

චන්ද්‍ර දිනදර්ශනයට අනුව නව චන්ද්‍ර වර්ෂය පසුගියදා උදාවිය. පසුගිය වසර කුකුළාගේ වර්ෂය වූ අතර, මේ වසර සැලකෙනුයේ සුනඛයා ගේ වර්ෂය ලෙසයි.

කෙසේ වෙතත්, නව වසරට එක්කළ සුභපැතුමක් සමග මැලේසියානු බලධාරීන් බොහෝ දෙනාගේ විවේචනයට හා හාස්‍යයට ලක්ව තිබේ.

මැලේසියානු වෙළඳ අමාත්‍යංශය විසින් නව වසර සැමරීමට Sin Chew Daily පුවත්පතේ සම්පූර්ණ පිටුවක් පුරාවට පළවූ සුභපැතුමක් එක් කර තිබුණු අතර, එහි දිස්වූයේ චීන බසින් බුරන කුකුළෙකු ගේ රැවකි.

කෙසේවෙතත්, පසුව මේ සම්බන්ධයෙන් මැලේසියානු වෙළඳ අමාත්‍යංශය සමාව අයැද තිබුණි.

මැලේසියාවේ මුස්ලිම් භක්තිකයන් විසින් සුනඛයා අපිරිසිදු සතෙකු ලෙස සැලකීම හේතුවෙන් බොහෝ මැලේසියානු ව්‍යාපාර විසින් සුනඛයාට සම්බන්ධ සංකේත භාවිතයෙන් වැළකී හෝ භාවිතය අඩු කළ තිබූ බව රොයිටර් පුවත් සේවය පසුගියදා වාර්තා කර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top